රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළ පවසනවා.
ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 342,300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය ඊයේ (14) සටහන් වුණේ රුපියල් 337,600ක් ලෙසයි.
මේ අතර ඊයේ (14) දිනයේදී රුපියල් 365,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද (15) වන විට රුපියල් 370,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)