15 October 2025

logo

නව අංක තහඩු නිකුත් කරන තෙක් විකල්ප ක්‍රමවලට අවසර



අලුතින් ලියාපදිංචි කරනු ලබන මෝටර් රථ සඳහා නව අංක තහඩු නිකුත් කරන නිශ්චිත දිනයක් තවමත් සඳහන් කළ නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ ප්‍රසම්පාදන කටයුත්ත පිළිබඳව ඉදිරිපත්වී ඇති අභියාචනාව සම්බන්ධ කටයුතු නිම වූ පසු හැකි ඉක්මනින් අංක තහඩු නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කල හැකි බවයි.

එමෙන්ම මෙම තත්ත්වය යටතේ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්කිරීමට නොහැකි බැවින් අංක තහඩු වෙනුවට වෙනත් ස්ටිකර් ඇතුළු ක්‍රමවේදයන් හරහා අංක ප්‍රදර්ශනය කර වාහන ධාවනය සඳහා අවකාශය ලබාදෙන ලෙසද පොලීසියට දන්වා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)