15 October 2025

logo

නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට



පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. 

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමඟ ඔහු මෙලෙස පෙනී සිට තිබෙන බවයි වාර්තා වන්නේ. 

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක අද (15) අධිකරණයට ඉදිරිපත් වන බවයි. 


(colombotimes.lk)