හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ, අධිකරණ තීන්දුවට පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ පොලිස්පතිවරයාගේ නිර්දදේශ මතයි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුව අත්අඩංගුවට ගන්නා බවත් රක්ෂිත බන්ධාගාරගත කරන බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි සඳහන් කළා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමටත් පෙර සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් පිරිසක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.
(COLOMBOTIMES.LK)