06 July 2025

logo

සිරියාවට ඊශ්‍රායලයෙන් යළිත් ගුවන් ප්‍රහාරයක්



සිරියාවේ ඇලෙප්පෝ නගරය ආසන්නයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය විසින් එම ප්‍රදේශවලට සතියකට අඩු කාලයක් තුළ එල්ල කළ දෙවන ගුවන් ප්‍රහාරය මෙය බවයි.

පසුගිය 29 වනදා සිරියාවේ මධ්‍යම කලාපයට මෙන්ම බනියාස් නගරයක් වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.  
(colombotimes.lk)