29 December 2025

logo

දෙසැම්බර් මාසයේ ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම ගැන දැනුම්දීමක්



පසුගිය ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාල සීමාව 2026 වසරේ ජනවාරි 31වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව දෙසැම්බර් මස විශ්‍රාම වැටුප 2026.01.31 දක්වා, වැඩ කරන දිනයන්හී අදාළ තැපැල් හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබා ගැනීමට ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් ලාභීන්ට අවස්ථාව හිමි වන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ වන විට ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් සංඛ්‍යාව 178,753ක් වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)