සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ ආයතන සහ සාමාජිකයන් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීම අද (29) ආරම්භ කර තිබෙනවා.
එහි සමාරම්භක අවස්ථාව අද (29) පෙරවරුවේ කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉදිරියට එම සේවාවන් මාර්ගගතව සිදු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙම සමාරම්භක අවස්ථාවට කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම් පියතිස්ස ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
