29 December 2025

logo

පේරාදෙණිය කළු පාලම අලුත්වැඩියා කිරීම ඇරඹෙයි



දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ පේරාදෙණිය කළු පාලම මේ වන විට අලුත්වැඩියා කිරීමට ආරම්භ කර තිබෙනවා.

එහි ඉදිකිරීම් භාර ප්‍රධාන ඉංජිනේරු අනුර සේමසිංහ සඳහන් කළේ එළඹෙන අප්‍රේල් මස 28වනදා වන විට මෙහි ඉදිකිරීම් අවසන් කර භාරදීමට සැලසුම් කර තිබෙන බවයි.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 238ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා.

(colombotimes.lk)