29 December 2025

logo

නාවලපිටිය පස්භාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෝම්බ බියක්



නාවලපිටිය පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය අද (29) හදිසි පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

එම පණිවිඩය නාවලපිටිය පස්භාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර වෙත E - MAIL මාර්ගයෙන් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එය අද (29) පස්වරු 2.00ට පුපුරා යන බවට සඳහන්ව තිබූ නිසා වහාම ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටි පිරිස ඉවත් කර ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුම්දී තිබෙනවා. 





(colombotimes.lk)