26 February 2025


කෑරගලට නව පොලිස් ස්ථානයක්



ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෑරගල ගම්මානයේ විධිමත්ව ඉදිකළ නව පොලිස් ස්ථානය අද (26) ජනතා අයිතියට පත් කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන්.

ඓතිහාසික කෑරගල පද්මාවතී පිරිවෙන් රජමහා විහාරස්ථානය වෙත දෛනිකව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පිරිස් පැමිණීම හේතුවෙන් එම බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා සහ ප්‍රදේශයේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විධිමත් පොලිස් ස්ථානයක අවශ්‍යතාවය පසුගිය කාලයේදී අවධානයට ලක්වුණා.

මීට පෙර එම ස්ථානයේ පැවතුණේ පොලිස් මුරපළක් පමණයි.

(colombotimes.lk)