ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සැම්බියාවට ඇමරිකානු ඩොලර් මිලියන 189ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.
එහි විධායක මණ්ඩලය සැම්බියාවට ඩොලර් බිලියන 1.3 ක ණයක් ලබා දීමට යෝජනා කර ඇති අතර පළමු සමාලෝචනයෙන් පසුව ඩොලර් මිලියන 189ක මුදල ලබා දීමට තීරණය කර ඇති බව සඳහන්.
විදේශීය ණය ඩොලර් බිලියන 6.3ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ඇතුළු විදේශීය රටවල් කිහිපයක් සමඟ සැම්බියාව ගිවිසුම් ගතවීමත් සමඟ IMF විසින් මෙලෙස ණය මුදලක් අනුමත කර තිබෙනවා.
COVID-19 වසංගතය අතරතුර ණය ගෙවීම පැහැර හරින ලද පළමු අප්‍රිකානු රට සැම්බියාව වූ අතර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා ද දීර්ඝ ලෙස පමා වී තිබූ බව සඳහන්.
(colombotimes.lk)