13 January 2026

logo

නෙළුම් කුළුණට හානි කළ පිරිසක් අත්අඩංගුවට



අනතුරු ඇඟවීම් සහ දැනුම්දීම් කිහිපයක් නොතකා කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට අලාභහානි කළ තවත් තරුණ පිරිසක් අත්අඩංගුවට ගත් බව එහි කළමනාකාරීත්වය පවසනවා. 

ඔවුන් පිළිබඳව මරදාන පොලිස් ස්ථානයට දන්වා පියවර ගෙන ඇති අතර විත්තිකරුවන් පොලිස් ස්ථානයට කැඳවා තිබෙනවා. 
 
මාධ්‍ය මඟින් දැනුම්වත් කිරීමෙන් පසුවද මෙවැනි සිදුවීම් සිදුවීම කණගාටුවට කරුණක් බවයි නෙළුම් කුළුණ කළමනාකාරීත්වය පැවසුවේ. 
 
කෙසේ වෙතත්, නෙළුම් කුළුණේ බිත්තිවලට සහ යකඩ වැටවලට හානි කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවත් මෙම පොදු වත්කම ආරක්ෂා කිරීම සහ ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් බව එහි පාලනාධිකාරිය සඳහන් කළා.