12 July 2025

logo

2026 වසරේදී තවත් අධිවේගී මාර්ගයක්



පොතුහැර - රඹුක්කන අධිවේගී මාර්ගයේ පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිම කිරීමට බලාපොරොත්තු වන බව වාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (23) එම මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම්වලට සහ මාර්ග සංවරධන අධිකාරියට එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම ඉදිකිරීම් සමාගම්වල සේවකයන්ගේ සුභසාධනයට කටයුතු කරන බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

(colombotimes.lk)