16 September 2025

logo

තවත් බිහිසුණු අනතුරක් - පාසල් ළමුන් ඇතුළු 07ක් රෝහලට



අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. 

ඒ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදීයි.  

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පෙර පාසල් සිසුන් 06දෙනෙක් සහ ගුරුවරයෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව නෝර්වුඩ් පොලීසිය සඳහන් කළා. 

මෝටර් රථය ධාවනය කළ කාන්තාව සැකපිට නෝර්වුඩ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම රෝහල් ගත කළ 07දෙනාගෙන් එක් දරුවෙක් හැර අනෙක් 06දෙනා රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. 



(colombotimes.lk)