15 December 2025

logo

ඉන්දියාවෙන් මෙරටට තවත් ආහාර සහ ඖෂධ තොගයක්



ඉන්දීය රජය විසින් තවත් ආහාර සහ ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17ක තොගයක් සහ කිලෝ 14200කට අධික වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් ඊයේ (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ඖෂධ වර්ග 17කින් යුත් තොගය  ප්‍රධාන වශයෙන්ම හෘද රෝගී ප්‍රතිකාර සේවා, දියවැඩියාව සහ ඒ ආශ්‍රිත සංකූලතා කළමනාකරණයට මෙන්ම විවිධ රෝග සදහා භාවිතා කරන ඖෂධවලින් සමන්විත වනවා. 




(colombotimes.lk)