රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් පවසනවා.
ඔහු සඳහන් කළේ අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී ඇති බවයි.
ඒ අනුව අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවට එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් කියා සිටියේ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බවයි.
(colombotimes.lk)
