15 December 2025

logo

ඌව පළාතේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්



දිට්වා සුළි කුණාටුවත් සමඟ දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස ප්‍රකාශ කළා.
 
ඒ මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ දින දෙකක් යටතේ ඌව පළාතේ පාසල් යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි. 

ඒ අනුව දැඩි ලෙස ආපදාවන්ට ලක් වූ පාසල් හැර අනෙකුත් පාසල් හෙට (16) දිනයේත් බලපෑම් එල්ලව ඇති පාසල් එළඹෙන 29වනදාත් ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)