16 October 2025

logo

ඡේතවනයේ පැලුම් ගැන වාර්තාවක්



ලෝක උරුමයක් ලෙස සැලකෙන අනුරාධපුර ඡේතවනාරාම ස්ථූපයේ ඇති වී තිබෙන ඉරිතැලීම් සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කර සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය විදුර වික්‍රමනායක බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ගඩොලින් නිම කරන ලද විශාලතම ස්ථූපය ලෙස සැලකෙන ඡේතවනාරාම ස්ථූපයේ බුදුරජාණන් වහන්සේගේ ඉන බැඳී පටියේ කොටසක් නිදන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඡේතවනාරාම විහාර වාසි පූජ්‍ය නාරද හිමියන් කියා සිටියේ, එම පැලුම් මුල් වරට 2016 වර්ෂයේදී නිරීක්ෂණය වී ඇති අතර වසර 8ක් ගත වී ඇතත් ඊට නිසි විසඳුමක් තවමත් ලැබී නොමැති බවයි.
(colombotimes.lk)