colombotimes.lk
සිංහල | English

02 May 2024

මැතිවරණ පනත සංශෝධනයට අනුමැතිය



දැනට පවතින සියලු මැතිවරණ පනත්වල කරුණු ඇතුළත් කර එක පනතක් සකස් කිරීම සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ඒ අනුව ජනාධිතිවරණ, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මැතිවරණවල සියලු කරුණු ඇතුළත් කර එම සියලු මැතිවරණවලට අදාළ වන පරිදි “මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත’’ නමින් නව පනතක් හඳුන්වාදීමට නියමිතයි.

මැතිවරණයක් සඳහා තරග කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයන් විසින් චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කරන විට ක්‍රියාමාර්ග ගැනීමට අදාළව මැතිවරණ පනත සංශෝධනයට ඉකුත් වසරේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණා.
(colombotimes.lk)