ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද ‘අරගලයේ’ බලාපොරොත්තු ඉටු වී නොමැති බව මෙරට ජනතාවගෙන් සියයට 60 කගේ මතය යැයි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා.
රට ගොඩගැනීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි කළ යුතු බවට මෙරට ජනතාවගෙන් සියයට 51 ක් විශ්වාස කරන බවත් රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍ය බව සියයට 34 ක් පවසන බවත් එම ආයතනය සඳහන් කරනවා.
ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන පැවති අරගල ව්‍යාපාරයට වසරක් සම්පූර්ණ වීමේ පසුබිමේ සිට රටේ ජනතාව අරගලයෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටුවීම, නොවීම සම්බන්ධයෙන් දරන අදහස් දැනගැනීමට කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළි වූ බව යි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කළේ.
අරගලය තුළින් ජනතාවගේ බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් ඉටු වූයේද, නැතිද, යැයි ඇසූ පැනයට බොහෝදුරට ‘නැත’ යැයි බහුතරයක් ජනතාව පිළිතුරු දී ඇති බවත් එම බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් බොහෝදුරට ඉටුවූයේ යැයි සියයට 11 ක් ද, සියටය 29 ක් අදහසක් ප්‍රකාශ කර නොමැති බවත් එම ආයතනය පැවසුවා.
රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1,008 දෙනෙකුගේ නියැදියක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය කළ බවත් අදාළ දත්ත මෙම වසරේ ජූනි මස එකතු කළ බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.
(colombotimes.lk)