පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් අරඹන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලේ බෙදා දීමට කටයුතු යොදා තිබෙන බවයි ඔහු පවසන්නේ.
පුවක් අපනයනය කිරීම මඟින් මාසිකව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සහ වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් උපයනු ලබයි.
(colombotimes.lk)