16 December 2025

logo

ආරුගම්බේ බෝම්බ ඇති බවට සංචාරකයන් බිය ගැන්වූ පුද්ගලයෙක් අත්අඩංගුවට



ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයට පැමිණ සිටි පිරිසකට එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ ඇති බවට ව්‍යාජ බියගැන්වීමක් සිදු කළ පුද්ගලයෙක් පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර සිට ආරුගම්බේ ප්‍රදේශයට සංචාරයක් වෙනුවෙන් පෙරේදා (26) පැමිණි පිරිසකගෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ ඔහු අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි.

(colombotimes.lk)