colombotimes.lk
සිංහල | English

18 October 2024


ශ්‍රී ලංකා නාමය බබළවන්න අරුණ අද ඔලිම්පික් පිටියට



පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තරග ඉසව් අද (04) ආරම්භ වනවා.

එම ඉසව්වේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින අරුණ දර්ශන මූලික වටයේ පස්වන තරග ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 10.35ට එම ඉසව්ව ආරම්භ වන බව සඳහන්.

මූලික වටයේ තරග 6ක් පැවැත්වෙන අතර ඉන් පළමු, දෙවන හා තෙවන ස්ථාන දිනාගන්නා ක්‍රීඩකයන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

සෙසු ක්‍රීඩකයන්ට repechage තරග වටයට අවස්ථාව හිමි වන අතර ඉන් ඔවුන්ට ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)