colombotimes.lk
සිංහල | English

18 October 2024


පුද්ගලික හොඳම කාලය වාර්තා කරමින් අරුණ 5 වෙනි තැනට



2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ධාවන තරග ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග අද (06) පැවැත්වෙනවා.

එහි දෙවන අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනද සහභාගී වුණා.

කෙසේවෙතත් මෙම තරගයේදී ඔහුට හිමි වුණේ 05 වන ස්ථානයයි.

නමුත් අරුණ දර්ශන අද දිනයේදී  මීටර 400 ඉසව්වෙන් සිය පුද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට සමත් වුණා.

ඔහු 05 වන ස්ථානයට පත් වුණේ තත්පර 44.75ක කාලයක් වාර්තා කරමින්.

එය ඔහුගේ හොඳම පුද්ගලික කාලයද වීම විශේෂත්වයක්.

අද අවසන් පූර්ව තරගය තත්. 44.75 ක දක්ශතාවයක් දැක්වීමත් සමඟ ඉදිරියේ දී 'A ශ්‍රේණියේ' තරග වදින්න අවස්ථාවක් ඔහුට හිමිවෙනවා.

එමෙන්ම 2025 ටෝකියෝ ලෝක මළල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කිරීමේ අවස්ථාවද අරුණ දර්ශනට හිමිවන බවයි වාර්තා වන්නේ. 

Colombo Times අපද අරුණ දර්ශන ලැබූ මෙම ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කරන්නෙමු.



 (colombotimes.lk)