ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ මෙරට සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින්.
2012 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ නියෝග අනුව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ සියලු අරමුදල් සහ වත්කම් අක්‍රීය කර ඇත්තේ LTTE, දෙමළ පුනරුත්ථාපන සංවිධානය හෝ TRO, ජාතික තව්හිද් ජමාත් හෝ NTJ, Jamaate Milate Ibrahim හෝ JMI ඇතුළු සංවිධාන 15කයි.
මොවුන්ට අමතරව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදයට මුදල් යෙදවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් 113 දෙනෙකුගේ මුදල් සහ වත්කම් සියල්ල ද අක්‍රීය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
