ඉන්දියාවේ පැවති 04වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.
දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගැනීමට සමත් වුණා.
ඒ එම තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගනිමින්.
දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත් වී තිබෙනවා.
(colombotimes.lk)
