28 October 2025

logo

ඝාතන 03කට සම්බන්ධ වෙඩික්කරුවෙක් මාට්ටු වෙයි



හෙරොයින් ග්‍රෑම් 106ක් සමඟ ඝාතන තුනකට සම්බන්ධ වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් ඊයේ (27) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 44ක් වන යුධ හමුදා සේවය අත්හැර ගිය පුද්ගලයෙක් සහ වයස අවුරුදු 40ක් සහ 30ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක්.

පොලීසිය සඳහන් කළේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයා ඩුබායිහි සංවිධාන අපරාධකරුවෙක් යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරමේ නිරත අයෙක් ලෙස හඳුනාගත් පුද්ගලයෙක් බවයි.

(colombotimes.lk)