04 December 2025

logo

කැරලිකරුවන්ගෙන් කොංගෝ ගම්මාන වලට ප්‍රහාර



ඊසානදිග කොංගෝවේ කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එම්.23 නමින් හඳුන්වන කැරලිකාර කණ්ඩායමක් විසින් එරට ගම්මාන කිහිපයකට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරවලින් එම පුද්ගලයින් මියගොස් ඇති බව සඳහන්. 
 
මෙම කැරලිකාර කණ්ඩායම රුවන්ඩාවට සම්බන්ධකම් ඇති බවට කොංගෝ බලධාරීන් චෝදනා කරන අතර රුවන්ඩාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. 
 
කෙසේවෙතත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් කොංගෝව තුළ මිලියන 5.5ක ජනතාවක් අවතැන් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)