12 February 2025


යතුරුපැදියක් ලොරි රථයක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අද (12) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ හික්කඩුව පොලිස් වසමේ කොළඹ ගාල්ල මාර්ගයේ කුමාර කන්ද හන්දියේදීයි.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා අවුරුදු 55ක් වූ අම්බලන්ගොඩ  ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

(colombotimes.lk)