වැඩි මිලට අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ සහල් තොගයක් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් අද (12) සිය භාරයට ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ මෙම සහල් තොගය පිටකොටුව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බවයි.
වෙළෙඳසැල තුළ කිලෝ 05 බැගින් වූ සහල් උර 3,000ක් පමණ සඟවා තිබියදී පාරිභෝගික අධිකාරිය සිය භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සහල් ඉදිරියේදී පැවැත්වෙන රාමසාන් උත්සව සමයේදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටයි.
(colombotimes.lk)