12 February 2025


නීති විරෝධීව ගෙනා වියළි ඉඟුරු තොගයක් නාවික හමුදා භාරයට



නාවික හමුදාව විසින් ඊයේ (11) සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 1,158යි ග්‍රෑම් 60ක්, කරවල කිලෝග්‍රෑම් 45ක් සහ ඒවා ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ පුත්තලම දළුව ප්‍රදේශයේදීයි.

එහිදී සැකකරුවන් 03දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාව සඳහන් කළේ එම සැකකරුවන් පුත්තලම සහ මනල්තෝට්ටන් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

 
(colombotimes.lk)