12 February 2025


රිදියගම සෆාරී උද්‍යානයේ සිංහ පැටවුන්ට නම් ලැබෙයි



අම්බලන්තොට – රිදියගම සෆාරී උද්‍යානයේ මාස 3ක් වයසැති සිංහ පැටවුන් 06දෙනාට අද (12) නම් තබා තිබෙනවා.

එම සිංහ පැටවුන් 6දෙනා සඳහා මහජතාව විසින් නම් 4,000ක් යෝජනා කළ බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් තෝරාගත් නම් 6ක් තැබීම සත්වොද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්. සි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පිරිමි සිංහ පැටියාට මේඝා ලෙස සහ ගැහැණු සිංහ පැටවුන් 5දෙනාට ටාරා, අ‍ග්‍රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තබා ඇති බවයි.

 
(colombotimes.lk)