14 January 2025


Travel Times | කුරුණෑගල උරුමය හෙවත් ප්‍රතාපවත් ඇතුගල



ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරය තුළ පිහිටා තිබෙන ඉතා ආකර්ෂණීය පර්වතයක් තමයි ඇතුගල කියලා කියන්නේ. මෙය සමහරු ඇතාගල යන නමිනුත් හඳුන්වනවා. මෙම පර්වතයට මෙම නම ලැබිලා තියෙන්නේ එහි පිහිටීමේ ස්වභාවය ඇතෙක් ආකාරයට ගන්නා නිසායි. මෙය කුරුණෑගල පිහිටි සුවිශේෂී සන්ධිස්ථානයක්.

 
ඇතුගල පර්වත විහාරය - ශ් රී ලංකාවේ ඉහළම ශ් රේණිගත සංචාරක ආකර්ෂණීය ස්ථාන |  ශ්‍රී ලංකා සංචාරක පිටු
 
ඇතුගල බලන්න යන්නේ කොහොමද ?
 
මම කලින් කිව්වා වගේ ඇතුගල පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. හැබැයි කුරුණෑගල නගරයෙ ඉදලා 1 km ක් විතර දුරක් යන්න ඕනේ. කොළඹ ඉදලා 101.5 km දුරක් ඇතුගලට තියෙනවා.
 
ඔයාට ඇතුගල බලන්න යන්න හොදම ක්‍රමය තමයි බස් එකේ යන එක. ඔයා කොළඹ කොටුවෙන් කුරුණෑගල යන බස් එකක නැග්ගම කුරුණෑගල ටවුන් එකෙන්ම බහින්න පුළුවන්. ඊට පස්සේ තියෙන 1km දුර Taxi එකක යන්න තියෙන්නේ. ඔයා කැමති ට්‍රේන් එකේ යන්න නම් මුලින්ම කරන්න තියෙන්නේ කොළඹින් නගින්න ඕනේ යාපනය, මඩකලපුව එහෙමත් නැත්තන් කුරුණෑගල ට යන Train එකක. කුරුණෑගල Station එකෙන් බැහැලා එතනින් Taxi එකක යන්න පුළුවන්.
 
කුරුණෑගල ඇතුගල වටා රවුමක් යමු - Roar සිංහල
 
ඇතුගල සුන්දරත්වය
 
ඇතුගල උඩට යන්න ඔයාලට දෙවිදිහක් තියනවා. එකක් තමයි ගල මුදුනට ඇවිදගෙන යන එක. එහෙමත් නැත්නම් ඔයාලාට ගල උඩටම වාහනේක යන්නත් පුළුවන්. ඔයාල මුදුනට ඇවිදගෙන යනවා නම් මිනිත්තු 15 - 20 විතර කාලයක් ගත වෙනවා. හැබැයි මේ ඇතාගල තියන සැබෑ සුන්දරත්වය විදින්නනම් ගල මුදුනට ඇවිදගෙන යන එක තමයි හොඳම දේ. ගලේ මැද හරියේදී ඔයාලට ගොඩක් වෙලාවට වදුරු රංචු එහෙමත් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා ගෙනියන දේවල් මේ වදුරන්ගෙන් නම් පරිස්සම් කර ගන්න වෙනවා.
 
ඔයාල ගල මුදුනට ළඟා වෙනකොට පන්සල (ඇතුගල විහාරය) සහ විශාල කිරි සුදු පැහැති බුද්ධ ප්‍රතිමාව දැකගන්න පුළුවන් වෙනවා. මෙම විහාරස්ථානයේ ඉදි කර ඇති මෙම බුදු පිළිම වහන්සේ අඩි 88 පමණ විශාලයි. රාත්‍රියට මෙම බුදු පිළිම වහන්සේ කුරුණෑගල නගරයට දිස් වන්නේ සෙමෙන් හුස්ම ගන්නා ජීවමාන බුදු කෙනකු හා සමානවයි. වටපිටාව හොදින් කළුවර වැටුනට පස්සේ මෙම බුදු පිළිම වහන්සේ අපට පෙනෙන්නේ අහසේ වැඩ ඉන්නවා වගේ. මේ ආදී කරුණු නිසා මෙය වටිනා සංචාරයක් වන අතර එය සදා මතකයේ ද රැඳී පවතිනවා.
 
ඇතුගල විහාරය | Athugala Viharaya – Travel Derana
 
Special Note
 
ඔයාලට නියමාකාරයේ සුන්දර දසුනක් නරඹන්න ඕනේ නම් ගල මුදුනට සවස 5 වගේ වෙනකොට තමයි නගින්න ඕනේ. ඒ වෙලාවට අව් සැරත් අඩු හින්දා නගින්නත් ලේසියි. මේ වගේ වෙලාවට ගල මුදුනට නැගලා ටිකක් කළුවර වැටෙනකන් ගල මුදුනේම හිටියහම ඉතා අලංකාර දසුනක් බලාගන්න ඔයාලාට පුළුවන් වෙනවා. හැබැයි අමතක කරන්නේ නැතුව රෑ 7 වෙද්දී ඇතුගලින් බහින්න අමතක කරන්න එපා. මොකද උදේ 7 ඉදලා රෑ 7 වෙනකන් විතරයි ඇතුගල පන්සල ඇරලා තියෙන්නේ.
 
ඔයාලා කුරුණෑගල පහු කරගෙන යනවනම් එහෙම ඇතුගලට නැගල මේ සුන්දර දසුන් නරබන්න අමතක කරන්න එපා.
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)