15 July 2025

logo

වසර තුනකට පසු ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට



සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම වසරේ දී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතයි. 

එම තරගාවලි කාලසටහන දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 
 
දකුණු අප්‍රිකා කණ්ඩායමේ 2023-24 සත්කාරක තරගාවලි යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භ කරමින් තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 
 
තරග 5 කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරග දෙක සැප්තැම්බර් 07 සහ 09 දෙදින තුළ Mangaung Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 
 
එමෙන්ම සැප්තැම්බර් 12 වැනිදා තෙවැනි එක්දින තරගය JB Marks Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 
 
සිව්වැනි එක්දින තරගය සැප්තැම්බර් 15 වැනිදා SuperSport Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය සැප්තැම්බර් 17 DP World Wanderers ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා. 
 
තරගාවලියේ කාලසටහන, 
 
පළමු විස්සයි විස්ස තරගය – අගෝස්තු 30 
 
දෙවැනි විස්සයි විස්ස තරගය – සැප්තැම්බර් 01 
 
තෙවැනි විස්සයි විස්ස තරගය – සැප්තැම්බර් 03 
 
පළමු එක්දින තරගය -සැප්තැම්බර් 07 
 
දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 09 
 
තෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 12 
 
සිව්වැනි එක්දින තරගය – සැප්තැම්බර් 15 
 
පස්වැනි එක්දින තරගය – සැප්තැම්බර් 17
(colombotimes.lk)