24 August 2025

logo

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි දිවයිනට



ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) තෙදින නිල සංචාරයක් සඳහා අද (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිළිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  

මෙම නිල සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය හමූ වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

එහිදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 





(colombotimes.lk)