දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක වර්ග නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්වී තිබෙන බව ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසනවා.
එහි සභාපති ගීතාමනී කරුණාරත්න සඳහන් කළේ සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ටද ඇනවුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙන බවයි.
(colombotimes.lk)
