09 October 2025

logo

ප්‍රදේශ රැසකට තද වැසි



ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා


එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව,  වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

 (Colombotimes)