ලෙබනනය සමඟ යළි පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කරන බව බහරේනය පවසනවා.
ඒ, යේමනයේ පාලනයට සෞදි අරාබියේ මිලිටරි මැදිහත්වීම හේතුවෙන් අනෙක් රටවල බිඳවැටුණු සම්බන්ධතා යළි යතා තත්ත්වයට පත්කිරීමේ අරමුණෙන්.
ඒ අනුව බහරේනය සහ අනෙකුත් ගල්ෆ් රටවල් සෞදි අරාබිය අනුගමනය කරමින් 2021 ඔක්තෝම්බර් මාසයේදී විශේෂ පියවරක් ගෙන තිබුණා.
ඒ, ලෙබනනයේ සිටි ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ආපසු කැඳවීමට පියවර ගැනීමයි.
මේ සම්බන්ධයෙන් බහරේනයේ බලධාරීන් පැවසුවේ, මෙම අවුල් සහගත තත්ත්වය අවසන් කිරීමට කටයුතු කරන බවයි.
(colombotimes.lk)