12 February 2026

logo

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරක් හිස්වෙයි



ජලාල් යුනුස් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකු ද වන ඔහු බංගලාදේශයේ අවාමි ලීග් රජය බිඳ වැටීමෙන් පසු සිය ධූරයෙන් ඉවත් වූ පළමු ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා වන බවයි.

ඒ අනුව ඉදිරියේදී බංගලාදේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අන්තර්වාර රජය තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)