ප්‍රංශ ජනාධිපති Emmanuel Macron දින 03ක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ පෙබරවාරි 17වනදා ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි.
එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවකට ද එක්වීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ අගමැති මෝදිගේ ප්‍රංශ සංචාරයෙන් පසුව ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදු වන බවයි.
(colombotimes.lk)
