කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචිකරුවන්ගෙන් අය කරන ආදාහන සහ භූමදාන ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මහ නගර සභා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
සභිකයන් විසින් සිදු කළ අදහස්වලට අනුව නගරාධිපතිනිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඒ පිළිබඳව විවාදයක් පවත්වා තිබෙන අතර එහිදී මෙම යෝජනාවට සියලුදෙනාම තමන්ගේ කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ අනුව කොළඹ මහ නගර සභාව මඟින් සේවා සපයන කොළඹ මහ නගර සභා සීමාවේ සේවාලාභී පදිංචිකරුවන්ට බොරැල්ල, ජාවත්ත, මාදම්පිටිය සහ කිරුළපන යන සුසාන භූමිවල කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරන කොටස් සඳහා ආදාහන සහ භූමදාන සඳහා අය කරන ගාස්තු සම්පූර්ණයෙන්ම නිදහස් වනවා.
පක්ෂ විපක්ෂ සභිකයන් සඳහන් කළේ මෙතෙක් ගාස්තු වශයෙන් රුපියල් දසදහසක මුදලක් අය කර තිබූ අතර මේ නිසා අඩු ආදයම්ලාභීන් දැඩි පීඩාවකට පත්ව සිටි බවයි.
(colombotimes.lk)
