12 February 2026

logo

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම යථා තත්ත්වයට



තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අද (12) පෙරවරුවේ එම කටයුතු අත්හිටුවීමට ඔවුන් කටයුතු කළ බවයි. 

ඒ අනුව අද දින කාර්යාල පරිශ්‍රයට පැමිණි අයට ලබන සඳුදා (16) පැමිණ සිය විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා ලෙසට ඉල්ලීමක් කළ බව ද එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෙසේ වෙතත් මේ වන විට පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් සුපුරුදු පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බවයි.

(colombotimes.lk)