colombotimes.lk
සිංහල | English

17 September 2024


බංගලාදේශය ඉතිහාසගත වීමට සූදානමින්



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද (03) පෙරවරු 10.15ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ පාකිස්ථානයේ රාවල්පින්ඩ්හිදීයි.   

තරගයේ සිව්වන දිනය වූ ඊයේ (02) දිනයේදී තරගය නතර කරන විට සිය දෙවන ඉනිමේදී තරගයේ ජනයග්‍රහණය සඳහා ලකුණු 185ක ඉලක්කයක් හඹා යමින් සිටින බංගලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 42ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා බංගලාදේශ කණ්ඩායමට අද දිනයේදී කඩුලු 10ක් අතැතිව තවත් රැස් කිරීමට අවශ්‍ය වන්නේ ලකුණු 143ක් පමණයි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම ලකුණු 274ක් රැස් කළ අතර බංගලාදේශ කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 262ක් පමණයි.

පාකිස්ථාන කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 172ක් රැස් කළා.

මෙම තරගය බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඔවුන් පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක් වනවා.

(colombotimes.lk)