09 July 2025

logo

බංගලාදේශ රජයට එරෙහි වූ 57කට එමීර් රාජ්‍යයෙන් දැඩි දඬුවම්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණයක් විසින් බංගලාදේශ ජාතිකයන් 57 දෙනෙකුට දීර්ඝ සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ, බංගලාදේශ රජයට එරෙහිව ගල්ෆ් රාජ්‍යයේ විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා වීදි කිහිපයක කැරලි ඇති කිරීම සම්බන්ධයෙන් නම් නොකළ විත්තිකරුවන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම තවත් 53 දෙනෙකුට වසර 10ක් සහ එක් අයෙකු වසර 11ක් දක්වා සිරගත කර ඇති බවයි වාර්තා වන්නේ.

බංගලාදේශ ජාතිකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින තුන්වන විශාලතම විදේශගත කණ්ඩායම ලෙස හැඳින්වෙනවා.

(colombotimes.lk)