09 July 2025

logo

ඉන්දියාව නැවතත් කඳුළින් තෙත් වෙයි



ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටී අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.  

වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමඟ ට්‍රක් රථ 02ක්, මෝටර් රථයක් ඇතුළු වාහන 4ක් ගඟට වැටී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී පුද්ගලයන් 05දෙනෙක් දිවි බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බවයි.
 
එම අනතුරෙන් තවත් පිරිසක් අතුරුදන්වී ඇති අතර ඔවුන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. 

එරට පොලීසිය සඳහන් කළේ ගලවා ගැනීමේ සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. 


(colombotimes.lk)