ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 T20 ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට බංගලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායමට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා බංගලාදේශ කණ්ඩායම සහභාගී වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
ඒ අනුව බංගලාදේශය ඇතුළත්ව සිටි C කාණ්ඩය සඳහා ස්කොට්ලන්තය ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
ඉතාලිය, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ ස්කොට්ලන්තය C කාණ්ඩයට ඇතුළත් වන කණ්ඩායම් වනවා.
