වනිඳුට තරග තහනමක්



ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක වනිඳු හසරංගට දඬුවම් නියම කර තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බවයි.

එසේම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ හේතුවෙන් වනිඳුට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක අහිමි වනු ඇති.
(colombotimes.lk)