මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත මුදාහැර තිබෙනවා.
මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් එම්. එන්. එම් නානායක්කාර ඉදිරියේ අද (08) මෙම මෙම නඩුව කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදු කරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් සිදු කළ අතර ඒ අනුව පොලීසිය විසින් සැකකාර සභාපතිවරයා පසුගිය 2වනදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව අද (08) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
(colombotimes.lk)
