09 January 2026

logo

උසස් පෙළ ඉතිරි විෂයන් ගැන විශේෂ දැනුම්දීමක්



පසුගිය වසරේ දිවයිනට බලපෑ දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභා⁣ගයේ ඉතිරි විෂයන් එළඹෙන 12වනදා සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ එම විභාගය ජනවාරි 20වනදා දක්වා පැවැත්වෙන බවයි. 
 
ඒ අනුව මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඇය කියා සිටියේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මක කර තිබෙන බවයි. 

(colombotimes.lk)