02 July 2025

logo

Barbie චිත්‍රපටය උමතුවක් වෙයි (VIDEO)



'Barbara Millicent Roberts' හෙවත් Barbie පිළිබඳව සෑම වයස් කාණ්ඩයකම පිරිස් දැනුවත් වී සිටිනවා.

නමුත් Barbie කොතරම් ජනප්‍රිය වුවත් ඒ සඳහා නවතම මුහුණුවරක් ලැබෙන්නේ නව Barbie චිත්‍රපටයෙන් බවයි විචාරකයින් පවසන්නේ.

එයට හේතුව මෙම චිත්‍රපටය හරහා Barbie විසින් ඇය පිළිබඳවම ප්‍රශ්න නැගීමයි.

එමෙන්ම එය ලොව ප්‍රථම Barbie Live Action චිත්‍රපටය වනවා.

මේ හරහා Barbie රසිකයින් සිනමා ශාලා වලට ගෙන ඒම මෙන්ම, නව රසිකයින් ඇති වීමද සිදුවන බවයි විචාරකයින් වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)